ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 29 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යි මෙම කෙටුම්පත් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ.

ඒ අනුව සකස් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත නොවැම්බර් මස පළමුවනදා රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්ථකයට එය ඇතුලත් කර තිබී නැහැ.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට හැකිවන අයුරින් මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුලත් කරමින් වැඩිදියුණු කර තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30