spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද (23) ආරම්භ වීමට නියමිතයි.

මීර්පූර් හි පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම අද තරඟයේ ජය වැදගත් වනවා.

මේ අතර අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගය සඳහා එක්කර නොමැති අතර ඒ සඳහා කණ්ඩායමට කැඳවා ඇත්තේ ප්‍රවීන් ජයවික්‍රමයි.

මේ අතර බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසාන් ආබාධයක් හේතුවෙන් අද තරගය සඳහා ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට මොසඩෙක් හුසේන් අද තරගයේදී ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

දෙවන ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?