ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද (23) ආරම්භ වීමට නියමිතයි.

මීර්පූර් හි පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම අද තරඟයේ ජය වැදගත් වනවා.

මේ අතර අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගය සඳහා එක්කර නොමැති අතර ඒ සඳහා කණ්ඩායමට කැඳවා ඇත්තේ ප්‍රවීන් ජයවික්‍රමයි.

මේ අතර බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසාන් ආබාධයක් හේතුවෙන් අද තරගය සඳහා ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට මොසඩෙක් හුසේන් අද තරගයේදී ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

දෙවන ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44