ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූ මාර්ක් වුඩ් අද ක්‍රීඩා නොකරන බවට ආරංචියක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සිව්වන දිනට තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් අද දිනයේ ක්‍රීඩා නොකරන බවට එංගලන්තයෙන් තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ දකුණු කලවා ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස තරගයේ සිව්වන දින වූ අද දිනයේ තරග නොකරන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවන ඉනිමේ දී මාර්ක් වුඩ් යැවූ 11 වන පන්දු වාරයේ දී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ඒ, වනවිටත් ඔහු පන්දුවාර 10යි පන්දු 02ක් යවා ලකුණු 36කට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ එක් කඩුල්ලක් දවාගෙන සිටියා.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05