spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගය කොළඹින් ගාල්ලට

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙන යාමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් සංචාර ආශ්‍රිත මෙහෙයුම් සිදුකිරීමේදී ඇතිවන අභියෝග ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඒ අනුව දෙටර අතර දෙවන ටෙස්ට් තරගය, පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කළා.

ඒ අනුව ලබන අගෝස්තු 01 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

293258425 5315690511854671 846166121161445277 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?