spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ඇරඹීම පමාවෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනයේ තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භවීම පැය භාගයකින් පමණ ප්‍රමාද වන බවයි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ.

අද (17) උදෑසන ගාල්ල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනුයි තරගය ආරම්භ කිරීම මෙලෙස ප්‍රමාද වී ඇත්තේ.

මේ වනවිට ක්‍රීඩාපිටියේ සේවකයින් විසින් ක්‍රීඩා පිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත්කරමින් පවතින බවයි වාර්තා වුණේ.

ඊයේ දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථානය කඩුලු 02ක් දැවී ලකුණු 24ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?