ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට තවත් දැවැන්ත ජයක්

ඊයේ (27) පැවති බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 143ක් පමණ යි.