ශ්‍රී ලංකා පළමු ඉනිම 439න් නවතී – දෙවන ඉනිමට ඇෆ්ගනිස්ථානයට ප්‍රබල අභියෝගයක්

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 439 කට සීමා වුණා.

ඒ, පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී රැස්කළ ලකුණු 198ට පිළිතුරු වශයෙන්.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස් කළා.

තරගයේ තුන්වන දිනය වන අද (04) දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ දී ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 29ක් එකතු වෙද්දී කඩුලු 03ක් බිඳ වැටුණු අතර, පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකරට හදිසියේම පිටියෙන් ඉවත්වීමට සිදු වුණේ පන්දුවක් ඔහුගේ හිසේ වැදීම හේතුවෙන්.

කෙසේ වෙතත් චාමික යළි පන්දුවට පහරදීමට පිටියට නොපැමිණි අතර, ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 439කට සීමා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40