spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පක්ෂ මූලස්ථානයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද උදෑසන දිවයිනට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටව ගිය පසු ඔහු පක්ෂ මුලස්ථානයට මුල් වරට පැමිණියේ අද දිනයි.

තමා තවදුරටත් නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය හොබවන බවයි දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කොට වැඩ බලන මහ ලේකම් වරයෙක් පත් කරේ ද ඔහුගේ කැමැත්ත අනුව බවද තවදුරටත් ප්‍රකාශ කළා.

ජයසේකර මහතා විදේශ ගතව සිටින කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් වරයා ලෙස සරත් ඒකනායක මහතා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?