ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාවක් සෝමාලියා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා හලාවත දික්ඕවිට වරායෙනුයි ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ද තහවුරු කර තිබෙනවා.

අරාබි මුහුදේ දී මෙම යාත්‍රාව පහැරගැනීමට ලක්වී ඇති අතර එය “ලොරෙන්සෝ පුතා 04” නමැති බහුදින ධීවර බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි සඳහන්.

ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව අද රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ඒ පසුපස ලුහුබැඳ ඇති අතර එම අවස්ථාවේ ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ එය වෙරළාරක්ෂක යාත්‍රාවක් බවයි.

එම නාඳුනන යාත්‍රාවෙන් ආයුධ සන්නද්ධ දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට නැග ඇති බව සඳහන්.

අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර මෙම ලුහුබැඳීම සිදුවන අවස්ථාවේදී අසළ තිබූ අනෙක් යාත්‍රා ඉවත් වී ඇති බව හෙළිවී තිබෙනවා.

නාඳුනන යාත්‍රාවෙන් පැමිණි පුද්ගලයන් ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර සිය යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව රැගෙන යන්නේ කුමන ස්ථානයට ද යන්න හෝ එම සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිවී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඊට හේතුව එම සන්නද්ධ කණ්ඩායම මෙම පැහැර ගැනීම පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොතිබීමයි.

ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව අඩි 50ක දිගකින් යුත් එකක් වන අතර මෙය එම යාත්‍රාවේ මංගල ගමන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ධීවර යාත්‍රාව බේරා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46