ශ්‍රී ලංකා ධීවරයන්ට ඉන්දීය විදේශ ඇමතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන තම ධීවරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඔහු මෙරට සිදු කළ සංචාරයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ධීවර අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම ශ්‍රී ලංකා ධීවරයින්ට මෙන්ම සාගර පරිසරයටද දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි.

පරිසර සංවිධාන හා ධීවර සමූපකාර සමිති මඟින් තමන්ට මෙන්ම තම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු තවත් පාර්ශව කිහිපයකට එරෙහිව අභියාචනාධිකරණයේ මේවනවිටත් නඩුවක් පවරා ඇති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියානු රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් අදාළ ප්‍රාන්ත රජයන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවරයන් ගන්නා බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසූ බව ධීවර අමාත්‍යංශය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48