ශ්‍රී ලංකා දෙවන ඉනිම අසීරු අඩියක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද (11) දිනයේ තරගය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කඩුලු 03ක් දැවී ලකුණු 83ක් රැස්කරගෙන තරමක අසීරු අඩියක පසුවුණා.

දිනය නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20ක් සහ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 02ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

අද දිනයේ දී ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 14,000 සීමාව පසුකර යාමට සමත් වූ අතර, ඔහු වාර්තා අතරට එක්වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 14,000 සීමාව පසුකළ 07 වන ක්‍රීඩකයා ලෙසටයි.

දෙවන ඉනිම අරඹමින් පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් තිදෙනාට ම එතරම් ලකුණු අතරට පැමිණීමට වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙයාර් ටික්නර් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 17ක්, දෙවන කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28ක් සහ තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් ලබාගෙන සිටිය දී දවාගැනීමට බ්ලෙයාර් ටික්නර්ට හැකියාව ලැබුණා.

අද දිනයේ නවසීලන්ත පළමු ඉනිම නිමා කිරීමට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණු අතර, ඒ අනුව සියල්ලන් දැවී නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වුණා.

ඒ, පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලබාගත් ලකුණු 355ට පිළිතුරු ලෙසයි.

එහිදී ඩැරල් මිචෙල් ශතකයක් රැස්කරමින් නවසීලන්ත පළමු ඉනිම ගොඩනැඟීමට දායක වූ අතර, ඔහු වටා එක්වූ නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම ශක්තිමත් කිරීමට දායක වුණා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 03ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ දැමුවා.

ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය හෙටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46