ශ්‍රී ලංකා දෙවන ඉනිමට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය මෙරට වේලාවෙන් අද (24) පස්වරු 3.30ට ආරම්භ වුණා.

ඒ, වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි අතර, වර්ෂාව හේතුවෙන් තරගය මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා.

මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී නොදැවී කඩුල්ලේ රැඳී සිටින මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සිය තුන්වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකයට තවත් ලකුණු 10ක් පසු පසින් සිටිනවා.

මේ අතර දිනේෂ් චන්දිමාල් අද සිය 27 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ අතර, ලකුණු 57ක් ලබාගෙන ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02