ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ලෝක කුසලාන වාර්තා අතරට

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 06කින් ජයගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට සිදුවුණේ දරුණු පාරජයකින් මෙවර ලෝක කුසලාන ගමන ආරම්භ කිරීමටයි.

මෙම තරගයේ දී පිතිකරුවන්ට පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජනයක් එල්ලවන ආකාරය දැකගත හැකි වුණා.

තත්ත්වය ඒසේ තිබිය දී මෙම තරගය අවසන් වුණේ තවත් වාර්තාවක් ලෝක කුසලාන වාර්තා අතරට එක්කරමින්.

ඒ, ලෝක කුසලාන විස්සයි විස්ස තරගයක වැඩිම නිලකුණු පන්දු (ඩොට් බෝල්) සංඛ්‍යාවක් වාර්තා වූ තරගය ලෙසයි.

මෙම තරගයේ දී වාර්තා වූ නිලකුණු පන්දු ගණන 126ක් ලෙස සටහන්ව තිබුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමෙන් නිලකුණු පන්දු 74ක් සහ දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමෙන් නිලකුණු පන්දු 52ක් වාර්තා වුණා.

දෙරට අතර මෙම තරගය පැවැත් වුණේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි නසාවු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
11
+1
3
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23