ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති තනතුරට බිමල්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.

එම සංගමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම පසුගියදා (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිසෙමි ලුට්ෆු ටර්ගුට් සහභාගීව සිටියා.

එමෙන්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් තේරී පත් වුණා.

රැස්ව සිටි පිරිස ඇමතූ කතානායකවරයා, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළඳාම, අධ්‍යාපනය, ආරක්ෂක සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රවල පවත්නා දිගුකාලීන සහයෝගීතාවයේ විශේෂත්වය පිළිබඳ සඳහන් කළා.

තුර්කිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙස හඳුනා ගැණෙන අතර, ප්‍රතිස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර වාණිජ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල නව අවස්ථා ඇති කිරීමටදායක වනු ඇති බවට විශ්වාසය පළ කර සිටියා.

තුර්කි – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා රැස්වීමේ 3 වන සැසිවාරය නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත බැවින්, උක්ත මිත්‍රත්ව සංගමය නැවත පණ ගැන්වීම දෙරටටම ඉතා කාලෝචිත බව ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ගරු සෙමි ලුට්ෆු ටර්ගුට් පැවසුවා.

යළි ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වෙළඳ, සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක, සමුද්‍රීය කටයුතු සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු සංගමයේ අභිනවයෙන් තේරී පත් වූ සභාපති අමාත්‍ය බිමල් රත්නායක අදහස් දක්වමින් තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කළ අතර, සංගමයේ කටයුතු තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සෑම ආකාරයකින්ම ශක්තිමත් කිරීමට තමා කැපවී සිටින බව තහවුරු කර සිටියා.

පැමිණ සිටි පිරිස වෙත සිය ස්තූතිය පළ කරමින් සංගමයේ නව ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම්, කතානායකවරයා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අරමුණු ආරක්ෂා කරගැනීම සඳහා සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැපවී සිටින බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05