ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ තුන්වන වටයේ සාකච්ඡා සඳහා තායිලන්ත ප්‍රධානීන් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Ms. Auramon Supthaweethum, Director General of the Department of Trade Negotiations) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විත බවයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355ක්.

තායිලන්තයට වාසිදායක වෙළඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා තායි වෙළඳපොල පමණක් නොව අනෙකුත් ආසියාන් (ASEAN) වෙළඳපොලවල අපගේ අපනයන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳාමට පවතින තීරුබදු නොවන වෙළඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.

ශ්‍රී ලංකාවේ මැණික්, තේ (කළු) යනාදී අපනයන සඳහා විශාල විභවතාවයක් තායිලන්ත වෙළඳපොල තුල පවතින අතර මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳාම පුළුල් කරගැනීමට හා නව ක්ෂේත්‍රවල පවත්නා අවස්ථා සක්‍රීය කිරීමට මාර්ග විවෘත වනු ඇති.

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගී වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත්.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇතැයි සඳහන්.

මෙම ගිවිසුම ලෝක වෙළදාමෙන්, ජනගහනයෙන් හා ආර්ථිකයෙන් 30%ක හිමිකාරීත්වය දරන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමේ රජයේ ඉලක්කය සඳහා ආරම්භක පියවරක් වනු ඇති අතර ඒ ඔස්සේ දෙරට අතර පවතින ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමට ද, නිමි භාණ්ඩ අපනයන වර්ධනය කර ගැනීම හරහා දෙරටෙහිම සංවර්ධන ප්‍රයත්නයන්හි වැදගත් අංගයක් වන ජාත්‍යන්තර වෙළඳාමෙහි විශාල ප්‍රගමනයක් ඇති කර ගැනිමට ද රජය අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56