spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ජාතික මල්ලව පොර සංචිතයට පොලිසියෙන් නිලධාරියෙක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ශ්‍රී ලංකා ජාතික මල්ලව පොර සංචිතයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ පසුගියදා පැවති ජාතික මල්ලව පොර ශූරතාවලියේ කිලෝග්‍රෑම් 86 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින්.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 6 දෙනෙකු සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා මල්ලව පොර සම්මෙලනය මගින් සංවිධාන කරනු ලැබූ තරගාවලිය පසුගිය 18 සහ 19 දෙදින පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාගාරයේදීයි.

ඊට යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් එක්ව සිටියා.

එහිදීයි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක එම්. එන්. ඩී. තිලකරත්න නිලධාරියා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?