ශ්‍රී ලංකා ගුවන් හමුදාව 73 වැනි සංවත්සර සැමරුමට සූදානම් (වීඩියෝ)

“මිත්‍රත්වයේ පියාපත්” සිය තේමා පාඨය කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 73 වැනි සංවත්සර සැමරුම පැවැත්වීමට සුදානම් වනවා.

සංවත්සර සැමරුම පැවැත්වෙන්නේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

මේ පිළිබඳ පැහැදිලි කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.