ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕෂධී රණසිංහට ගුවන් හමුදාවෙන් සම්මානයක් (ඡායාරූප)

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය පසුගියදා (05) අති උත්කර්ෂවත් ව පැවැත්වුණා.

ඒ ආරක්ෂක ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.

ගුවන් හමුදා රත්මලාන ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේ දීයි මෙම උත්සවය පැවැත්වුණේ.

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ මෙන් ම ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ම පාර්ශ්වකරුවන්ගේ කැපවීම අගයන සුවිශේෂී අවස්ථාවක් වන මෙම ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රියේ ප්‍රථම ක්‍රීඩා වර්ණ රාත්‍රිය 1964 වර්ෂයේ දී පැවැත්වුණා.

ඒ රාජකීය ලංකා ගුවන් හමුදාව විසින්.

එහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා සම්මානයක් හඳුන්වා දී ඇති අතර එය ‘වර්ථරාසා අනුස්මරණ කුසලානය’ ලෙස හඳුන්වා දී ඇත්තේ චීන වරාය ගුවන් හමුදා වීද්‍යාපීඨයේ සිදු වූ ගුවන් අනතුරකින් මියගිය ෆ්ලයිට් ලෙෆ්ටිනන් අප්පාපිල්ලයි වර්ථරාසා නිලධාරිවරයා අනුස්මරණය කිරීමටයි.

ඒ අනුව වර්ථරාසා අනුස්මරණ කුසලානය දිනාගත් පළමු දක්ෂතම ගුවන් හමුදා ක්‍රීඩකයා ලෙස බලපන්ති සැරයන් බර්ටි ඒකනායක සහ ගුවන් හමුදා වර්ණ ලබාගත් ප්‍රථම ගුවන් කාන්තාව ලෙස වෙඩිතැබීමේ ක්‍රීඩාව නියෝජනය කළ නායක ගුවන් කාන්තා හඳුන්සූරිය කේ.එම්.පී.කේ. ගුවන් හමුදා ක්‍රීඩා දිනපොතේ ඉතිහාසයට එක්වනු ඇති.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රධාන ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාඡපක්ෂගේ සංකල්පයකට අනුව 2022 සහ 2023 වර්ෂයන්හි දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් හට මුල්‍යමය ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.

වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රියේ දී ක්‍රීඩාවන් 37 ක් ඇගයීමට ලක් කරන අතර මෙවර 2022 හා 2023 වර්ෂයන්හි දී දේශීය ක්‍රීඩා තරගවල දී දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩාවලට එක් වෙමින් දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 355 දෙනෙකු හට වර්ණ 555 ක් ද මෙහිදී ප්‍රදානය කෙරුණු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම වර්ණ රාත්‍රියේ දී 2022 වසර වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ ක්‍රීඩාව නියෝජනය කළ සැරයන් චාමර ධර්මවර්ධන ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ වර්ථාරාසා අනුස්මරණ කුසලානය දිනාගත් අතර 2022 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බොක්සිං ක්‍රීඩාව නියෝජනය කළ නායක ගුවන් කාන්තා සජීවනී කුරේ විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රීයා අබේවීර ගුණවර්ධන අනුස්මරණ කුසලානය දිනා ගැනුණා.

2023 වසරේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කළ නායක ගුවන් භට මධුෂාන්ත ජයතිලක යි.

2023 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කළ සැරයන් ඕෂධී රණසිංහ මෙම කුසලාන දිනා ගත්තා.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක් වුණා.

WhatsApp Image 2024 07 08 at 16.03.55
WhatsApp Image 2024 07 08 at 16.03.54
WhatsApp Image 2024 07 08 at 16.03.47
WhatsApp Image 2024 07 08 at 16.03.45
WhatsApp Image 2024 07 08 at 16.03.41
WhatsApp Image 2024 07 08 at 13.50.58


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56