ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නව තේරීම් කමිටුවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව තේරීම් කමිටුවක් සහ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට තේරීම් කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පත් කර තිබෙනවා.

සභාපති විනෝදන් ජෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කනිෂ්ඨ තේරීම් කමිටුව දුමින්ද වික්‍රමසිංහ, හසන්ත ප්‍රනාන්දු, වරුණ වරාගොඩ සහ ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

ශ්‍රීපාලි වීරක්කොඩි, රසාංජලී ද අල්විස්, නිල්මිණි ගුණරත්න සහ ජයමාලි ඉන්දිකා ඇතුලත් කාන්තා තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස හේමන්ත දේවප්‍රිය කටයුතු කරනවා.