ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය අද (29) වාර්තා කළා.

එම වාර්තාවල දැක්වුණේ, වෝරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදීසිටීමේ අරමුණින් ෆාබ්‍රේස් එම තීරණය ගෙන ඇති බවයි.

මිකී ආතර්ගේ පුහුණුකාර ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදායි අවසන්වීමත් සමග නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබුණා.

නමුත්, එම අයදුම්කරුවන්ගෙන් කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කැමැත්තක් පළවී නැහැ.

එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් එම ධූරය සඳහා යළි කැඳවීමට ක්‍රිකට් බලධාරීන් ෆාබ්‍රේස් සමග සාකච්ඡා කළ බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ,

කෙසේවෙතත් පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් වෙබ් අඩවියක් අද වාර්තා කළා.

එහි දැක්වුණේ, ෆාබ්‍රේස් තවදුරටත් වෝරික්ෂයර් ප්‍රාන්තයේ රැඳීසිටින බවට එහි කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බවයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ 54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් සමයේදී 2014 විස්සයි 20 ලෝක කුසලානය  දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40