ශ්‍රී ලංකා කණ්ඩායම කළුපටි පැළැඳ අද වන්කඩේ පිටියට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (02) පැවැත්වෙනවා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රි තරගයක් ලෙසයි.

අද තරගයට ධනංජය ද සිල්වා වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වන බවටයි තොරතුරු වාර්තා වුණේ.

ලෝක කුසලාන තරගය ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද මුණගැහෙන්නේ 10 වන වරට වන අතර, මීට පෙර මුණගැසුනු අවස්ථා නවයේදී ඉන්දියාව තරග පහක් සහ ශ්‍රී ලංකා තරග තුනක් ලෙස ජයගෙන තිබෙනවා.

ඉන් එක් තරගයක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

අද පැවැත්වෙන මෙම තරගය ඉන්දියාව ජයගතහොත් මෙවර ලෝක කුසලානයේ සුපිරි හතර දෙනා අතරට එකවන පළමු කණ්ඩායම බවට පත්වෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගය එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදල වෙනුවෙන් වෙන්කර තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී කළු පටියක් පැළැද තරග බිමට පිවිසෙන අතර, ඒ මෙරට සිටි ජනප්‍රියම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකරගේ අභාවයට ශෝකය පළකිරීම වෙනුවෙන්.

අද තරගය පැවැත්වෙන මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම එක්දින තරග විස්සක් ක්‍රීඩාකර ඉන් තරග 11ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම ක්‍රීඩාංගණයේදී එක්දින තරගය පහකට මුහුණ දී ජයගෙන ඇත්තේ තරග තුනක් පමණයි.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන අවිනිශ්චිත තත්ත්වයක තිබෙන මොහොතක වුව ද අද දිනයේත් මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් රූපවාහිනී තිරය ඉදිරිපිට හිදගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16