ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රිජ්වේ ආර්යා ළමා රෝහලට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ක්‍රිකට් ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටුවේ සහ හෘද උරස් වාට්ටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම සංචාරයට සහභාගී වූ බවයි.

ඔවුන් පිළිගනු ලැබුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සහ Little Hearts ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ විසින්.

‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ’ දැනට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් ක්‍රීඩකයින් දැනුවත් කිරීම ද සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය’ සඳහා රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර තිබුණා.

මෙම අරමුදල් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Cardiac and Critical Care Complex’ ගොඩනැගීමට යොදා ගන්නා අතර, එය ගොඩනඟන ලද පසු, සංජානනීය හෘද රෝග (congenital heart diseases) සහ බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට උපකාරී වනු ඇති.

1 5
2 6
3 5
4 3
5 5
6 4
7 2
8 2
9 2
10 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31