ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර ගාල්ලේ පැවැත්වෙන 01 වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.ඊයේ (30) දෙවන දිනට තරගය නිම කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ටේ්‍රලියා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 212ක්.ඒ අනුව ඕස්ටේ්‍රලියාව පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටිනවා.













