ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද පෙරවරු 10.00 ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලිය වොන්-මුරලි කුසලානය ලෙස නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් විසින් මෙහෙයෙවනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබයි.