ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්ගේ ධුරය ගැන නියෝගයක්

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද බවයි.

පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව නඩුව යළි මේ මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා විනිසුරුවරයා එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම්; ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවයි.

එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16