spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලිය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (10) ගුවහාටි හි බර්සපාරා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

මෙම තරගය හේතුවෙන් ඇසෑම් රජය අද (10) දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අර්ධ දින දේශීය නිවාඩුව හේතුවෙන් කම්රුප් දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය තුළ ඇති සියලුම ප්‍රාන්ත රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන පස්වරු 1.00න් පසු වසා තැබෙනවා.

අද තරගය මෙටර වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වන අතර, මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කැඳවා තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි, ලෝකේශ් රාහුල්, මොහොමඩ් ශාමී, ශ්‍රෙයාස් අයියර් මෙලෙස ඉන්දීය සංචිතයට කැඳවා ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප්‍රනාන්දු එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?