ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කුළුඳුල් ටෙස්ට් තරගය අද SSC පිටියේ දී

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට පත්වීමෙන් පසු මෙහෙයවනු ලබන පළමු තරගය ද මෙයවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය මෙම තරගයට නවක ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විතව එක්වන අතර, ඇෆ්ගනිස්ථානය මෙම තරගයට එක්වන්නේ ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් නොමැතිවයි.

මේ අතර බොහෝ දුරට කණ්ඩායම් දෙකම අමතර වේග පන්දු යවන්නෙකු සමඟ අද තරගය සඳහා එක්වීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

අද (02) පෙරවරුවේ ආරම්භ වන මෙම තරගය නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35