ශ්‍රී ලංකා ආර්ථිකයේ තරම හෙළිවෙයි – 60%ක මාසික ආදායම අඩුවෙලා (වීඩියෝ)

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ‌පෙන්වා දෙනවා. මේ අර්බුදය හේතුවෙන්ම රැකියා අහිමි වූ පිරිස සියයට 14.2ක්.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කල මෙම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී ති‌බෙනවා.

ඔවුන් අතරින් ආදායම ඉහළ ගොස් ඇත්තේ පවුල් සියයට 3.4ක පමණයි. පවුල් සියයට 36.6ක ආදායමනොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ල සඳහන්.

මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි.

කෙසේ වෙතත් සියයට 6ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් එමගින් හෙළි වී තිබෙනවා.

සමීක්ෂණයට අනුව ආදායම් අඩු වූ පවුල්, ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදිය වනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන්ම ණය බරින් පීඩාවට පත් පවුල් ගණන සියයට 22ක්. ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදු ව ඇති බව අනාවරණය වී ති‌බෙනවා.

රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහි දී සිදු ව ඇති බව මෙම දත්ත පෙන්වා දෙනවා.

ආර්ථිකය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් සියයට 14.2කට රැකියා අහිමි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බවත් සඳහන්.

ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර සියයට 54.9ක අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති බව අදාළ සමීක්ෂණයෙන් හෙලි වී තිබෙනවා.

2023 මාර්තු මාසයෙන් පසු මෙරට රෝගාබාධයන්ට ගොදුරු වූ සියයට 29ක් වූ ජනතාවගෙන් සියයට 7ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති බවත් මේ වාර්තාව පෙන්වා දෙනවා.

එම ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන්ගෙන්ද සියයට 35.1ක් ප්‍රතිකාර කරන ස්ථාන වෙනස් කර ඇති අතර සියයට 33.9ක් ඖෂධ භාවිතයට යොමු ව ඇත්තේ සිය රෝගය අසාධ්‍යය තත්ත්වයට පත් වූ විටයි.

එලෙස ප්‍රතිකාර වෙනස් කළ රෝගීන්ගෙන් සියයට 81.7ක්ම එම වෙනසට මූලික හේතූව ලෙස ප්‍රකාශ කර ඇත්තේ ඖෂධ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වූ අතර, කොවිඩ් වසංගතයෙන් පසු එම අර්බුදය තවදුරටත් දරුණු වූ බවත් පෙන්වා දෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පවතින අර්බුදයට මුහුණ දීමේදී ජනතාව ඉදිරියේ අභියෝග රැසක් ඇති බවත් සඳහන් කරනවා.

මේ දත්ත අපිට කියන්නේ අපේ රටේ ජන ජීවිතය, සමාජ තත්ත්වය සහ ආර්ථික තත්ත්වය සංකලනය කොට කරුණු එක් රැස්කර විශ්ලේෂනය කරන ආණ්ඩුවේම ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි.

මේ දත්ත පෙන්වා දෙන ආකාරයට වත්මන් සමාජය තුළ බරපතළ ආර්ථික පීඩනයක් පවතිනවා.

මේ පීඩනයෙන් සහ පීඩාවෙන් මෙරට සමස්ත ජනතාව ගලවා ගැනීමේ අනුලංගනීය වගකීම ඇත්තේත් ආණ්ඩුවටමයි.

අද වන විට අපේ රටේ විවාහවන වයසේ පසුවන තරුණ තරුණියෝ ඒ සම්බන්දයෙන් වරක් දෙවරක් නොව ඊටත් වැඩි වතාවක් සිතා බලන මට්ටමට පැමිණ අවසන්.

ඔවුන්ගේ අනාගත සිහිනවන නිවසක්, සාර්ථක ජීවිතයක්, තවදුරටත් සිහිනම බවට පත්වන වටපිටාවක් මේ වන විටත් සැකසී අවසන්.

තරුණ තරුණියන්ට මෝටර් රථ සිහින පෙන්වූ පාලකයින් ගෙනා සිහින ලෝකය ඔවුන් ඉදිරියේ බිම වැටී කුඩු පට්ටම්වන වර්තමානයේ ඉතිරිව ඇත්තේ හෙට දවස පිළිබඳව ඉච්චාභංගත්වයක් පමණයි.

මෙතරම් බරපතළ සමාජ, ආර්ථික පීඩනයකින් තෙරපී සිටින මෙරට සමස්ත ජනතාවගේ හිස මත ලබන වසරේ පනවන්නට යෝජිත බදු බරත් පැටවුණු පසු ඒ තෙරපුම කෙලෙස පුපුරා යාවිදැයි කාටනම් කිව හැකිද?

  1. HORA PAWULA KALA HORAKAM WALA THARAMA THAMAYI MEKEN PENNE. ME HORUNTA KAWADAWATH ISAWA THANHAWA IWARAYAK NAHE. YANAKAM BALAGNA INNA UNTA ALUWAGE GIYA UNTA UNADEMA THAMAYI WENNE. ENAKAM BALAGENA SITI UNTA EKA WEYI. YAWANAKAM BALAGEA INNA UN WENA UN YAWAYI KIYALA HITHA HITHA INNAWA EYI WENUWEN THAMUNGE KOTASA ITU KARANNE NATHIWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40