ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ චෙක්පත් මගින් මුදල් වංචාවක්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්පත් මගින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කළ බවට පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ ඊට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී සිදුකළ විමර්ශනයට අනුව මුදල් වංචා කරන ලද සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් පළමුවැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන කැලණිය ප්‍රදේශයේ හා සැකකාරියන් අවුරුදු 25, 32 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරු හා සැකකාරියන් දෙදෙනා ඊයේ (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20