ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් නිදහස් කරන ලද තමිල්නාඩු ධීවරයින් වහාම යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 03 වනදා ධීවරයින් 12 දෙනෙකු සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පැවැති නඩු විභාගයක දී බෝට්ටු පදවන්නන් තිදෙනෙකුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 11.60 ක දඩයක් නියම කර ඇති බවත්, දඩය නොගෙවන්නේ නම් අතිරේක මාස තුනක සිරදඬුවමක් ද නියම වී ඇති බවඅදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

අනෙක් ධීවරයින් 09 දෙනා නිදහස් කිරීමට නියෝග කර ඇති අතර, ඔවුන් මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බවයි එම්.කේ. ස්ටාලින් විසින් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මෙරට නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් වෙරළබඩ ධීවර ජනතාව දැඩි ආර්ථික සහ මානසික පීඩනයකට ලක්ව ඇති බවයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

  1. ඔයිටවඩා හොඳ නැද්ද ඉන්දීය ධීවරයින්ට ලංකාවේ ලියාපදිංචිකිරීම .ඉන්පසු අල්ලන මාළු ලංකාවේ maket ekata danna කිව්වානම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53