ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ දක්වා දෙරට අතර පැවැති තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බැවින් මේ තරගයේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් වන්නේ තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජය ගැනීමේ හැකියාවක් ලැබෙන බැවින් තරගයේ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) දිනයේ ඔවුන්ගේ අවසන් පුහුණු සැසි වලට සහභාගි වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සූදානම ගැන අදහස් දැක්වූ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් පවසා සිටියේ පැවති තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් තමන් අතිශයින් සෑහීමකට පත්වන බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමට එක් කරගත් අසිත ප්‍රනාන්දුගේ දක්ෂතා ගැන සඳහන් කළ ප්‍රධාන පුහුණුකරු කියා සිටියේ, ඔහු ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් බවයි.

වසරකට පමන පසු දෙවැනි එක්දින තරඟයට වේගපන්දු යවන්නෙකු ලෙස කැඳවා තිබූ අසිත එම තරඟයේදී ඇෆ්ගනිස්ථානය කණ්ඩායමේ තීරණාත්මක කඩුලු දෙකක්ම දවා ගන්නට සමත් වුණා.

එමෙන්ම තරගාවලිය සඳහා සකස් කර තිබූ තනතීරු සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ක්‍රිස් සිල්වවූඩ් කියා සිටියේ, පිතිකරුවන්ට වාසිදායක වන අයුරින් සකස් කර තිබූ තනතීරු තරගාවලිය ඉහළ තරගකාරී මට්ටමකට ගෙන ආ බවයි.

ඒ හරහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැවැන්ත ලකුණු රැස්කිරීම් කරා ගිය බවත් පළමු තරඟය හැරුණු විට දෙවෙනි තරඟයේදී එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වඩාත් ධනාත්මකව ක්‍රියාත්මක වූ බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත ලෝක කුසලාන තරගාවලිය අවසන් වී මේ වන විට මාස තුනක් ගත වී ඇති නමුත් මේ වන විට තම කණ්ඩායමේ දස්කම් ගැන විශේෂයෙන් ම පසුගිය එක්දින තරග දෙකේ දී ඔවුන් කැපී පෙනෙන ප්‍රගතියක් හෝ පෙන්නුම් කරන බවයි ප්‍රධාන පුහුණුකරු රිස් සිල්වර්වුඩ් පවසන්නේ.

ශ්‍රී ලංකාව මේ තරඟ දෙකම පිළිවෙළින් ළකුණු 42කින් සහ 155 කින් ජයග්‍රහණය කළා.

“අපි මේ මොහොතේ ඕවර 50 ක්‍රිකට් දෙස බැලුවොත්, අපේ ක්‍රීඩා සැලැස්ම හොඳ පැතලි කඩුලු සඳහා වඩාත් සුදුසුයි, මම තනතුරු සකසන්නන්ගෙන් අපට ගැලපෙන පරිදිම පැතලි කඩුලු ඉල්ලුවා. ඔවුන් අපට ඉතාමත් හොඳ මට්ටමේ තනතුරු සැකසීමක් ලබා දුන්නා ඒකට ස්තූතියි” සිල්වර්වුඩ් ඇෆ්ගනිස්තානයට එරෙහිව තුන්වන එක්දින තරඟයට පෙර
කියා සිටියා.

මේ තරගාවලිය තුළදී පන්දු යවන්නන් සූදානම් කළ ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියා සිටියේ, පිතිකරුවන්ට දිගින් දිගටම දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීම සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් ලබාදුන් බවයි. විශේෂයෙන්ම ඕවරයේ පළමු පන්දුව සහ අවසාන පන්දුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඔවුන්ට කියා සිටි බවත් පැවසු ඔහු, දෙවැනි තරඟයේදී මේ උපදෙස් ඉතා හොඳින් බලාත්මක වූ බවත් ඒ හරහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට හැකි වූ බවත් පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් තරග දෙකට බිංදුවක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බැවින් අද (14) තරගයේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගැන්වීමට කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබෙනවා.

ඒ දෙදෙනා වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ අකිල දනන්ජය කණ්ඩායමට එක් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇති බවටයි ක්‍රිකට් ආරංචි මා‍ර්ග සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52