spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සමඟ මංගල ටෙස්ට් තරගයට ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, මෙම තරගය ලබන 02 වනදා කොළඹ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථාන මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 07ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

මෙම ටෙස්ට් තරගයට අමතරව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් ද ඇතුළත්.

මේ අතර මෙම තරගාවලි සංචාරය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය පහතින්.

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන්, අබ්දුල් මලික්, නූර් අලි සද්‍රාන්, රහමට් ෂා (උප නායක), බහිර් ෂා, නසීර් ජමාල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් ඉෂාක්, කයිස් අහමඩ්, සියා-උර්රෙහ්මාන්, සහීර් ඛාන්, යමින් අහමඩ්සායි, නිජාට් මසූඩ්, මොහොමඩ් සලීම්, නවීඩ් සද්‍රාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?