spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සඳහා වන අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වෙයි

ශ්‍රී ලංකාව සදහා වන අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම අද විදුලි බල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එළිදක්වා තිබෙනවා.

2030 වසර වනවිට සමස්ථ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ගෙන් සපුරා ගැනීම සහ 2040 වනවිට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින්, 2030 වනවිට 1GW අක්වෙරළ සුළං ධාරිතාවක් ස්ථාපනය කිරීමට, වාර්ෂික කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් මිලියන 1 දක්වා අඩුකරගැනීමට මෙන්ම 2050 වනවිට ධාරිතාව 4GW දක්වා වර්ධන කිරීමට අති හැකියාව සලකා බලා මෙම මාර්ග සිතියම ලෝක බැංකුව විසිනුයි නිර්මාණය කර ඇත්තේ.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා, ලෝක බැංකුවේ මෙරට නියෝජිතයන් ,ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජිතයන් , අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සුන්ත්‍ය බලශක්ති අධිකාරියේ, විදුලිබල මණ්ඩලයේ සහ අනෙකුත් අනුබද්ධ ආයතනවල නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.

ලෝක බැංකුවේ සහ ලෝක සුළං බලශක්ති කවුන්සලයේ සාමාජිකයන් ඊට එක්වී ඇත්තේ මාර්ගගතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?