spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි

බංග්ලාදේශය විසින් මුදල් හුවමාරුවකින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලේ දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 100ක් ශ්‍රී ලංකාව ගෙවා ඇති බව බංගලාදේශය පවසනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාසයේ ශ්‍රී ලංකාව තවත් ඩොලර් මිලියන 50ක් ගෙවා ඇති බවයි.

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට සිය විදේශ විනිමය සංචිතයෙන් ඩොලර් මිලියන 200ක් ණයට දෙනු ලැබුවේ රට මුහුණදී තිබූ ආරථික තත්වය සැලකිල්ලට ගනිමින්.

මහ බැංකුවේ ප්‍රකාශක Md Mezbaul Haque පවසන පරිදි නවතම වාරිකයත් සමඟ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150ක් ආපසු ගෙවා තිබෙනවා.

ඉතිරි ඩොලර් මිලියන 50 මෙම වසර තුළ ආපසු ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම මාසය තුළ ඉතිරි මුදල නිෂ්කාශනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ ප්‍රකාශක හක් සඳහන් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මෙම මුදල් ගෙවීම සිදු කරනු ලබන්නේ මුලින්ම එකඟ වූ කාලයට වසර එකහමාරකට පසුවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 2021 වසරේ අගෝස්තු මාසයේදී මුදල් හුවමාරු ගිවිසුම්වලට එළැඹුණු අතර බංග්ලාදේශය ශ්‍රී ලංකාවට සිය ආර්ථිකය පණ ගැන්වීම සඳහා කාලය ලබා දීම සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?