ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි

බංග්ලාදේශය විසින් මුදල් හුවමාරුවකින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලේ දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 100ක් ශ්‍රී ලංකාව ගෙවා ඇති බව බංගලාදේශය පවසනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාසයේ ශ්‍රී ලංකාව තවත් ඩොලර් මිලියන 50ක් ගෙවා ඇති බවයි.

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට සිය විදේශ විනිමය සංචිතයෙන් ඩොලර් මිලියන 200ක් ණයට දෙනු ලැබුවේ රට මුහුණදී තිබූ ආරථික තත්වය සැලකිල්ලට ගනිමින්.

මහ බැංකුවේ ප්‍රකාශක Md Mezbaul Haque පවසන පරිදි නවතම වාරිකයත් සමඟ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150ක් ආපසු ගෙවා තිබෙනවා.

ඉතිරි ඩොලර් මිලියන 50 මෙම වසර තුළ ආපසු ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම මාසය තුළ ඉතිරි මුදල නිෂ්කාශනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ ප්‍රකාශක හක් සඳහන් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මෙම මුදල් ගෙවීම සිදු කරනු ලබන්නේ මුලින්ම එකඟ වූ කාලයට වසර එකහමාරකට පසුවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 2021 වසරේ අගෝස්තු මාසයේදී මුදල් හුවමාරු ගිවිසුම්වලට එළැඹුණු අතර බංග්ලාදේශය ශ්‍රී ලංකාවට සිය ආර්ථිකය පණ ගැන්වීම සඳහා කාලය ලබා දීම සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12