spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව පිළිබඳ තක්සේරු කරන්න IMF නිලධාරියෙකු දිවයිනට

ශ්‍රි ලංකාව පිළිබදව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තක්සේරු තත්වයන් පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කිරිමට එහි ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙක් සදුදා සහ අඟහරුවාදා මෙරට සංචාරය කිරිමට නියමිතයි

ඒ අනුව එම තක්සේරුව ලබාදීමට හෙට (14) දිනයේ දී එම නිලධාරියා මෙරටට පැමිණෙනු ඇති.

රට මුහුණ දී ඇති දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස සහ ඊට ගත යුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන සතියේ දී අමරිකාවේ – වොෂින්ටනය වෙත බලා යාමට සූදානම් බවයි ආරංචි මාර්ග තහවුරු කළේ.

එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ කළමනාකරණය පිළිබඳ ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට ද නියමිතයි.

එවන් අවස්ථාවකදීයි හෙට දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙකු තක්සේරුව පිළිබඳ දැනුවත් කිරීමට මෙරටට පැමිණෙන්නේ.

කෙසේවෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුදල් අරමුදල වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?