ශ්‍රී ලංකාව පිළිබඳ තක්සේරු කරන්න IMF නිලධාරියෙකු දිවයිනට

ශ්‍රි ලංකාව පිළිබදව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තක්සේරු තත්වයන් පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කිරිමට එහි ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙක් සදුදා සහ අඟහරුවාදා මෙරට සංචාරය කිරිමට නියමිතයි

ඒ අනුව එම තක්සේරුව ලබාදීමට හෙට (14) දිනයේ දී එම නිලධාරියා මෙරටට පැමිණෙනු ඇති.

රට මුහුණ දී ඇති දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස සහ ඊට ගත යුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන සතියේ දී අමරිකාවේ – වොෂින්ටනය වෙත බලා යාමට සූදානම් බවයි ආරංචි මාර්ග තහවුරු කළේ.

එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ කළමනාකරණය පිළිබඳ ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට ද නියමිතයි.

එවන් අවස්ථාවකදීයි හෙට දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙකු තක්සේරුව පිළිබඳ දැනුවත් කිරීමට මෙරටට පැමිණෙන්නේ.

කෙසේවෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුදල් අරමුදල වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07