ශ්‍රී ලංකාව පැය කිහිපයක් අඳුරේ තැබූ සිද්ධිය ගැන විදුලි බල මණ්ඩලයෙන් ප්‍රකාශයක්

පසුගිය 9 වනදා ශ්‍රී ලංකාව පුරා සිදු වූ දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීමේ වගකීම තමන් භාරගෙන ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා සඳහන් කර තිබුණේ රටපුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මණ්ඩලය ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ බව කියන ප්‍රකාශය අසත්‍ය බවයි.

දිවයින පුරා සිදුවන විදුලිය බිඳවැටීම පිළිබඳ සොයාගැනීම සඳහා පත් කෙරුණු අභ්‍යන්තර හා බාහිර විමර්ශන කමිටු තවමත් සිය වාර්තා ඉදිරිපත් කර නොමැති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

09 වනදා සවස පැය කිහිපයක් දිවයින පුරා විදුලිය ඇනහිටීමකට මුහුණ දුන් අතර පසුව අදියරෙන් අදියර නැවත විදුලිය ලබා දීමට මණ්ඩලය කටයුතු කළා.

මුලදී උපකල්පනය කෙරුණේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ද පසුගියදා ප්‍රකාශ කළා.

CEB Mail scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03