spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව පැය කිහිපයක් අඳුරේ තැබූ සිද්ධිය ගැන විදුලි බල මණ්ඩලයෙන් ප්‍රකාශයක්

පසුගිය 9 වනදා ශ්‍රී ලංකාව පුරා සිදු වූ දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීමේ වගකීම තමන් භාරගෙන ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා සඳහන් කර තිබුණේ රටපුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මණ්ඩලය ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ බව කියන ප්‍රකාශය අසත්‍ය බවයි.

දිවයින පුරා සිදුවන විදුලිය බිඳවැටීම පිළිබඳ සොයාගැනීම සඳහා පත් කෙරුණු අභ්‍යන්තර හා බාහිර විමර්ශන කමිටු තවමත් සිය වාර්තා ඉදිරිපත් කර නොමැති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

09 වනදා සවස පැය කිහිපයක් දිවයින පුරා විදුලිය ඇනහිටීමකට මුහුණ දුන් අතර පසුව අදියරෙන් අදියර නැවත විදුලිය ලබා දීමට මණ්ඩලය කටයුතු කළා.

මුලදී උපකල්පනය කෙරුණේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ද පසුගියදා ප්‍රකාශ කළා.

CEB Mail scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?