ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ප්‍රබල තැනක – කමිඳුට ශතකය අහිමිවෙයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 531ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙකු අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පළමු ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වුණා.

නිශාන් මධුෂ්ක ලකුණු 57ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ සිය තුන්වන ටෙස්ට් ශතකය රැස් කිරීමට තිබූ අවස්ථාව අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස්ට අවාසනාවන්ත ලෙස ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී මෙම තරගය සඳහා කැඳවනු ලැබූ ෂකීබ් අල් හසන් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිකරගත් හසන් මහමුද් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

බංග්ලාදේශයේ චැතග්‍රොම් හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14