ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේතිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිස අතර අද (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි මෙම කරුණු අනාවරණය වුයේ.

ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) හා අමුල් (Amul) කිරි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතයි.

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සාමාජිකයින් සහ ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ (NDDB) නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර අදාළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසාබැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42