ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන පළිබෝධ නාශක ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාව තුළ අධි අන්තරායකර පළිබෝධ නාශක 40ක් භාවිතා කරන බවට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් කෘෂිකර්ම ලේකම්වරයාට වාර්තාවක් භාරදී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ලෝකයේ බොහෝ රටවල් විසින් භාවිතයෙන් ඉවත් කරන ලද අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් භාවිතා කරන බවටයි පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.

මේ සම්බන්ධව තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව අදාළ තොරතුරුවල සත්‍යතාවය සම්බන්ධව පරීක්ෂාකර වාර්තාවක් ලබා දෙන ලෙසටයි ලේකම්වරයා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේ.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊට අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත මේ වනවිට බාර දී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අතුරු ඉදිරිපත් කිරීමකට අනුව, කෘෂිකාර්මික සහ ගෘහස්ත භාවිතය සඳහා 2023 අගෝස්තු මාසයේදී අතිශය අනතුරුදායක පළිබෝධනාශක පිළිබඳ ජාතික වාර්තාව මගින් සක්‍රිය අන්තර්ගතයන් 40ක් පමණ ලැයිස්තුගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් අධි අනතුරුදායක පළිබෝධනාශකයන් නිර්වචනය කිරීම සඳහා භාවිතා කරන නිර්ණායක 08ට අනුව ලැයිස්තුවේ (කෘෂිකාර්මික සහ ගෘහස්ත භාවිතය යන දෙකම ආවරණය වන) අධි අන්තරායකර පලිබෝධනාශක ලැයිස්තුවේ ඇති පළිබෝධ නාශක තුනක් පමණක් අදාළ නිර්ණායක අනුව මෙරට භාවිතයේ පවතින බව සඳහන්.

තවද, මෙම නිර්ණායක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අධි අන්තරායකර පළිබෝධනාශක නිර්වචනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා. 2023 අගෝස්තු මාසයේ ජාතික වාර්තාව විසින් ලැයිස්තුගත කරන ලද සක්‍රිය අමුද්‍රව්‍ය 40 න් Glyphosate, Carbosulfan සහ profenophos යන ලියාපදිංචි පළිබෝධනාශක 03 පමණක් අධි අන්තරායකර පළිබෝධනාශක ලෙස ශ්‍රී ලංකාවේ හදුනාගෙන තිබෙනවා. මෙම පළිබෝධනාශක තුන අනුපිළිවෙළට වී වගාව, බඩඉරිඟු වගාව සහ විසිතුරු මල් වගාව යන අංශයන් සඳහා භාවිතා කරන ඒවා යි.

මෙරට තුළ භාවිතා කෙරෙන නිර්ණායක අනුව එම වාර්තාව දක්වන පරිදි අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් භාවිතා වන බවට කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ද පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය පවසනවා. ජාත්‍යන්තරය විසින් තහනම් කරන ලද අධි අන්තරායකර පළිබෝධනාශක භාවිතය/ බෙදාහැරීම/ අලෙවිය සඳහා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් අවසර ලබා දී නොමැති බව ද රෙජිස්ට්‍රාර්වරයා මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

මෙම පළිබෝධනාශක කෘෂිකර්මාන්තයේ නිශ්චිත භාවිතයන් සඳහා ලියාපදිංචි කර නියාමනය කර ඇති අතර සමහර පළිබෝධනාශක නිසි ලෙස ඇගයීමට ලක් කර සුදුසු විකල්ප නිර්දේශ කිරීම මත ප්‍රතිස්ථාපනය කළ හැකියි. ඉහත පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සඳහා විශේෂිත විකල්ප කිහිපයක් ගැන වැඩි විස්තර, පළිබෝධනාශක තාක්ෂණික උපදේශක කමිටුව විසින් ගනු ලබන නියාමන / ප්‍රතිපත්තිමය තීරණයන් මත පමණක් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42