ශ්‍රී ලංකාව අද 2023 ලෝක කුසලාන තරග බිමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙනවා.

දිල්ලි නුවර අරුන් ජට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද (07) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ දැඩි අර්බුදයක් මැද වීම ද විශේෂතවයක්.

මේ අතර අද තරගය සදහා දඟ පන්දු ‍යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක් නොවන බව වාර්තා වුණා.

ඔහුගේ ආබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම ඊට හේතුව වී තිබෙනවා.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථා හයක දී දකුණු අප්‍රිකානුවන් මුණගැසී ඇති අතර, එහිදී එක් අවස්ථාවක දී පමණක් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

මේ අතර අද තරගය පැවැත්වෙන දිල්ලි නුවර අරුන් ජට්ලි ක්‍රීඩාංගණයේ දී මීට පෙර පවත්වා ඇති ජාත්‍යන්තර එක්දින තරග සංඛ්‍යාව 26ක්.

ශ්‍රී ලංකා අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2009 වසරේදී වන අතර, දකුණු අප්‍රිකාව මෙම ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2022 වසරේදීයි.

මෙම ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයවලදී දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම් වැඩි තරගය සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56