ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන් 70ක් යුක්රේනයේ හමුදාවට බැඳීමට අපේක්ෂාවෙන්

යුක්රේන රජයේ විදෙස් භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් එරට සන්නද්ධ හමුදා ජාත්‍යන්තර ලීගයේ පළමුවැනි විශේෂ බලකා අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියදී රුසියානු ප්‍රහාර හමුවේ මිය ගිය කපිතාන් රනීෂ් හේවගේ මහතාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

යුක්රේන ජාත්‍යන්තර ලීගය පවසන්නේ ඊයේ දිනයේ ඔහුගේ සිරුර සොයාගත් බවයි.

රුසියානු හමුදාව විසින් කලු හතුරා ලෙසින් හැදින්වූ රනීෂ් හේවගේ යුක්රේන සන්නද්ධ හමුදාවේ ජාත්‍යන්තර ලීගයේ පළමුවන විශේෂ බලකායේ අණදෙන නිලධාරියා ලෙස එරට යුද බිමේ සටන් වැදුනා.

යුක්රේනයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනීෂ් හේවගේ එරට හමුදා විසින් හඳුන්වනු ලැබුවේ කැප්ටන් ඩෙන්ටිස් ලෙසයි.

කපිතාන් රනීෂ් පසුගිය 4 වැනිදා රුසියානු ප්‍රහාරයක් හමුවේ ජීවිතක්ෂයට පත් වුණේ රුසියානු හමුදා සමග සටන් පැවති යුක්රේනයේ බක්මුත් ප්‍රදේශයේ පිහිටි ඉදිරි ආරක්ෂක වළල්ලේදීයි.

යුද්ධය අතරතුරදී මිය ගිය එම්.එම්. ප්‍රියන්ත නැමැති තවත් ශ්‍රී ලාංකික සෙබලෙකුගේ සිරුර රැගෙන ඒමට තවත් සෙබලුන් තිදෙනෙක් සමග ගිය අවස්තාවේ ඔහු එම ප්‍රහාරයට ලක්ව තිබුණා.

එම ප්‍රහාරයෙන් මිය ගිය රනීෂ් හේවගේගේ සිරුර ඔහු සමග සටන් බිමට පිවිසි මෙරට කමාන්ඩෝ බලකායේ සිට යුක්රේන හමුදා සේවයට එක් වූ කෝප්‍රල් ලහිරු හතුරුසිංහ විසින් ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරක්
පිටුපසට ගෙනැවිත් තිබුණා.

නමුත් දිගින් දිගටම එල්ලවන රුසියානු ප්‍රහාර හමුවේ කෝප්‍රල් ලහිරු හතුරුසිංහට ඔහුගේ සිරුර අතහැර පසුබැසීමට සිදුව තිබෙනවා.

ඒ එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයකින් ඔහුද තුවාල ලැබීම හේතුවෙන්. ඒ අනුව ඊයේ යුක්රේන ආරක්ෂක අංශ විසින් කපිතාන් රනීෂ් හේවගේගේ දේහය සොයාගෙන තිබුණා.

කපිතාන් රනීෂ් හේවගේගේ අවසන් කටයුතු යුක්රේන රජයේ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවන අතර එම දිනය සමබන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

රැසියානු යුක්රේන සටන් පෙරමුණේදී 9 වතාවක් තුවාල ලබා ඇති යුක්රේනයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනීෂ් හේවගේ සටන් පෙරමුණේ දැක්වූ වීරත්වය නිසාම ඔහුට යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි විසින් විශේෂ ජනාධිපති
සම්මාන 5ක්ද පිරිනමා තිබෙනවා.

මේ අතර රුසියා යුක්රේන යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා හමුදාවෙන් නීත්‍යානුකූලව නිදහස් කර ඇති, හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 70 කට ආසන්න පිරිසක් යුක්‍රේන විදේශ සේනාංකය ලෙස හැඳින්වෙන යුක්‍රේනයේ ‘භෞමික
ආරක්ෂක අන්තර්ජාතික හමුදාවට’ බැඳීමට ඉල්ලුම් කර ඇති බව වාර්තා වනවා.

මෙම නිලධාරීන් හා සෙසු නිලයන් කපිතාන් රනිෂ් හේවගේ සම්බන්ධව සිටි විශේෂ ඒකකයට සම්බන්ධ වීමට දැනටමත් අසර්බයිජානය, ඩුබායි සහ ඉන්දියාව වෙත ගොස් ඇති අතර, ඔවුන් පෝලන්තය හරහා යුක්රේනයට යෑමට සූදානමින් සිටින
බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් හිටපු හමුදා නිලධාරීන් රුපියල් ලක්ෂ 10 සිට 12 දක්වා මාසික වැටුපකට යුක්‍රේන හමුදාවට එක්වන බවටද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ වනවිට යුක්රේන විදේශ හමුදා ලීගයේ හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් 20කට වැඩි පිරිසක් සේවය කරන බවද වාර්තා වනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියා සිටියේ කිසියම් හමුදා සාමාජිකයෙකු නීත්‍යනුකූලව හමුදාවෙන් බැහැර වී මාස 6කට පසු ඔහු සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ශ්‍රී ලංකා යුද හමුදාව
නොදරන බවයි.

එලෙස නීත්‍යනුකූලව යුද හමුදාවෙන් බැහැර වූ හමුදා සාමජිකයින් සිදුකරන රැකියා හෝ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමට යුද හමුදාවට බලයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

යුක්රේන හමුදාවට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත් වූ සාමාජිකයින් එක්වීම හරහා යම් කිසි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මතුවන්නේදැයි කළ විමසීමට පිළිතුරු දුන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගැටලු
සහගත තත්ත්වයක් මතුවීමට ඉඩක් නොමැති අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් මැතකදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ රුසියානු යුද හමුදා නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුවත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14