ශ්‍රී ලංකාවේ හදවත සිංහරාජය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාවේ විශාලතම වැසි වනාන්තරය වන සිංහරාජ රක්ෂිතය තුළ ශාක හා සත්ව ජාන සොරකම් වැඩිවෙමින් පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවයි.

මේ අතර ප්‍රදේශවාසීන් ද පෙන්වා දෙන්නේ රක්ෂිතය ආසන්නයේ වන සංරක්ෂණ කාර්යාල නොතිබීම නිසා සිංහරාජ වනාන්තරය දැඩි අවදානමකට ලක්වී ඇති බවය.

මෙරටට ආවේනික ශාක හා සත්ව විශේෂ රැසකට නිවහන වූ සුවිශේෂී පරිසර පද්ධතියක් සහිත මෙරට විශාලතම වැසි වනාන්තරය වන්නේ සිංහරාජ රක්ෂිතයයි.

මෙලෙස සුවිශේෂි පරිසර පද්ධතියක් පැවතීම හේතුවෙන් එය ලෝක උරුමක් ලෙස ද නම් කර තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින ශාක හා සත්ව ප්‍රජාවට සිදුවන තර්ජන වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මැදිහත්වීම අනිවාර්යය.

නමුත් රක්ෂිතය ආශ්‍රිතව ජීවත්වන ප්‍රෙද්ශවාසීන් පෙන්වා දෙන්නේ දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම, පැළෑටි සහ සත්ව විශේෂ වනාන්තරයෙන් පිටමං කිරීම වැනි ජාන කොල්ලයන් මේ දිනවල වැඩි වශයෙන් සිදුවන බවය.

එයට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පවසන්නේ, සිංහරාජය අවට රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩව ප්‍රදේශයේ එක් වන සංරක්ෂණ කාර්යාලයක් පමණක් පවත්වාගෙන යන නමුත් සිදුවන සියලු ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීමය.

සිංහරාජ මායිමේ පිහිටි නෙළුව ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට හික්කඩුව ජාතික වනෝද්‍යානයෙනුත්, දෙනියාය ආශ්‍රිත සිදුවීම් පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා මිරිස්ස වනජීවී කාර්යාලයෙනුත් පැමිණිය යුතු වෙයි.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ මෙම කාර්යාල දෙකටම කිලෝමීටර් සියයකට ආසන්න දුරක් පැවතීම හේතුවෙන්, සතුන් දඩයම් කිරීම් වැළැක්වීම්, තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කිරීම්, රක්ෂිත ගිනි තැබීම් වැළැක්වීම් ආදි සියල්ල ප්‍රමාද වන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18