ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා තිබෙනවා.
ජියා රායි (13) නම් මෙම දැරිවියට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර ජියා රායි පැයට කිලෝ මීටර 14 ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබනවා.
විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙලෙන්නෙකුට සමාජයත් සමග කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වීමයි.
ජියා රායි හට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ලබා දී ඇත.













