ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවේ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි – සජිත් හමුවූ ඉන්දීය විදෙස් ඇමති කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය නිල සංචාරය අතර තුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු කරගනු ලැබුවා.

ඉන්දියාවේ සුවිශේෂී නායකයකු ලෙස අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම නැවත වරක් තහවුරු කළ අතර, මෙහි දී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික පුනර්ජීවනය සැලසුම් කිරීම සඳහා වත්මන් කාල පරිච්ඡේදය භාවිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයන්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සඳහා වන මාර්ග සිතියම පිළිබඳව අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ට පැහැදිලි කර සිටියා.

ඒ අනුව 2028 සිට නැවත වරක් ණය ගෙවීම ආරම්භ වන විට IMF වැඩසටහනෙන් පසු කාල පරිච්ඡේදයේදී අපේක්ෂා කරන අභියෝග ද ඔහු ගෙනහැර දැක්වූවා.

මේ සඳහා කලාපීය ආයෝජන සහ ඒකාබද්ධතාවෙන් සහාය වන තිරසාර වර්ධන උපාය මාර්ගයක අවශ්‍යතාව ද අවධාරණය කළා.

වෙළෙඳාම, බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා වැඩිදුරටත් සාකච්ඡා සිදුකරනු ලැබුවා.

ඔරොත්තුදීමේ හැකියාව හා වර්ධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ ජාල සම්බන්ධතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළ අතර, භූතානය සහ නේපාලය සමඟ ඉන්දියාවේ සාර්ථක හවුල්කාරිත්වය උපයෝගී කර ගනිමින් විදුලිබල හා බලශක්ති අංශවල සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පහසුකම් සපයන බවට ද අමාත්‍ය ජයශංකර් මෙහි දී සහතික වුණා.

එමෙන්ම සමුද්‍රීය හා ගුවන් සම්බන්ධතා සහ යෝජිත විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාව ඇතුළු ප්‍රධාන සම්බන්ධතා මුලපිරීම්වල ප්‍රගතිය දෙපාර්ශ්වයම මෙහි දී සමාලෝචනය කළා.

කලාපයේ ස්ථාවරත්වය සහ නාවික නිදහස පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, කලාපීය ආරක්ෂාව සහ දියුණු වන ඉන්දියානු සාගර ආරක්ෂක නිර්මාණ ශිල්පයේ ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද ඔවූහු වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගත්තා.

උපායමාර්ගික සමතුලිතතාවය සහ ස්වාධීනත්වය පවත්වා ගනිමින් සියලුම හවුල්කරුවන් සමඟ විවෘතව සම්බන්ධ වෙමින් ප්‍රායෝගික නොබැඳි ප්‍රතිපත්තියක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම විපක්ෂ සජිත් ප්‍රේමදාස නැවත වරක් තහවුරු කළා.

එහි දී අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙම ප්‍රවේශය පිළිගෙන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉන්දියාවේම ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06