Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන්නැයි දලයිලාමා තුමන්ට ආරාධනයක්

ආර්ථික අර්බුදයෙන් මිදීම වෙනුවෙන් පැමිණ ආශීර්වාද කරන්නැයි ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා පිරිසක් දලයිලාමා තුමන්ට ආරාධනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෑතකදී බුද්ධගයාවේ වන්දනාවක නිරත වූ ස්වාමීන්වහන්සේලා පිරිසක් දලයිලාමා තුමන් හමුවී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දෙසැම්බර් මස 27 වනදා මෙම භික්ෂූන් වහන්සේ පිරිස බුද්ධගයාවේදී දලයිලාමා තුමන් හමුවී ඇති අතර එම අවස්ථාවට වස්කඩුවේ මහින්දවංශ හිමියන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.