ශ්‍රී ලංකාවේ මොනරුන් නිසා ඔස්ට්‍රේලියාවේ නගරයකටත් කරදර

උතුරු ඔස්ට්‍රේලියාවේ එලියට් නගරය ආසන්න ප්‍රදේශයේ ජනතාවට මොනරුන්ගෙන් දැඩි බලපෑම් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් නගරයේ මොනරුන් සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ඔවුන් හදා ගැනීමට කැමති අයට ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මොනරුන් සෑම තැනකම මලපහ කිරීම, ගෙවතු විනාශ කිරීම මෙන්ම ඔවුන්ගේ අධික ශබ්දය තමන්ට හිරිහැරයක් බවයි.

කලාපයේ බලධාරීන් පිඩාකාරී පක්ෂීන් 26ක් රැක බලා ගැනීම සඳහා නව නිවාස සොයාගෙන ඇති අතර ඔවුන් අදාළ කූඩු සකස් කර ගැනීම මෙතෙක් අවසන් කර නැහැ.

ඩාර්වින් නගරයට කිලෝමීටර් 700ක් පමණ දකුණින් පිහිටි එලියට්හි පදිංචිකරුවන් 290ක් පමණ ස්වභාවධර්මයේ තේජාන්විත සත්ත්වයෙකු වන මොනරුන්ගේ ගහනය වර්ධනය වීම හමුවේ පීඩාවට පත්ව සිටිනවා.

මොනරුන්ගේ නෙත් සිත් ප්‍රබෝධමත් කරන තේජාන්විත දර්ශනයට වඩා ඔවුන්ගෙන් සිදුවන පීඩාව ප්‍රදේශවාසීන්ගේ කෝපයට හේතු වී ඇතැයි සඳහන්.

බලධාරීන්ට මෙතෙක් හෙළි කර ගැනීමට නොහැකි වූ අබිරහසක් වී ඇත්තේ මෙම මොනරුන් එලියට් වෙත ගමන් කළේ කෙසේද යන්නයි.

ඔවුන් සිය නිජබිම වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් කිලෝමීටර් දහස් ගණනක් එපිට රටක තම පියාපත් විහිදුවමින් ආධිපත්‍ය පතුරවමින් සිටින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Image 2024 02 22 at 07.55.16
WhatsApp Image 2024 02 22 at 07.55.05 2
  1. 🦚Peacocks from SRI LANKA & INDIA to Australia have flown as migrant birds. They will come back to motherlands after their tour to Australia. Peacocks & Peahens are rear in SL though they are native to 🇱🇰SL & 🇳🇪INDIA. Peacocks’ dancing is attractive, enchanting giving pleasure of light showers or thunder showers to the area where they dance. A Dancing method (pattern) has been developed in Sri Lanka in accordance with the Peacocks dance stepping forward, sideways, called MAYURA WANNAMA. It is a famous & traditional dancing pattern 🦚 of Sri Lanka in dressing humans like colourful Peacocks.🦚🇱🇰👨‍🎓