ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නීති ශක්තිමත් කිරීමට රජයේ අවධානය

2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය ජූලියන් බ්‍රාසූ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝඩ්න් හූක් සහ එහි අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් ශැනොන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඔවුන්ගේ මෙම සංචාරයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මුල්‍යකරණයට එරෙහි (AML/CFT) රාමුවේ ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයට තීරණාත්මක අවබෝධයක් ලබා දීමයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) යටතේ ඇති, ඒකාබද්ධ කලාපීය අධීක්ෂණ ආයතනයක් වන ආසියානු පැසිෆික් කණ්ඩායම, මුදල් විශුද්ධිකරණය (ML), ත්‍රස්තවාදී මූල්‍යකරණය (TF) සහ අති විනාශකාරී ආයුධ ව්‍යාප්තිය පිළිබඳ මූල්‍යකරණයට (PFWMD) එරෙහිව ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දී සිය අධිකරණ බලතල මෙහෙයවීම පිළිබඳ සාමාජික රටවල්වලට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වනවා.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් කලාපීය වශයෙන් පිහිටුවා ඇති ආයතන නවයක් හරහා රටවල් 200ක පමණ එම අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව 2011 දී සහ 2017දී වශයෙන් අවස්ථා දෙකකදී “අළු ලැයිස්තුවට” ඇතුළත් කර ඇති අතර, යුරෝපා සංගමය ද එම අනනුකූලතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සඳහා වන තුන්වන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාදාමය 2025 වර්ෂයේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිතයි. එබැවින් ශ්‍රී ලංකාව විසින් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය ඉදිරිපත් කර ඇති නිර්දේශ 40 සමග තාක්ෂණික අනුකූලතාවක් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීමට එරෙහි (AML/CFT) රාමුවේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත යුතුව තිබෙනවා.

දින තුනක් පුරා සිදු කරන ලද මෙම සංචාරය අතරතුර මෙම දූත කණ්ඩායම විසින් මෙරට ජනාධිපතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා, අගවිනිසුරු,නීතිපති සහ මහබැංකු අධිපති වැනි ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී මෙරට බලධාරීන් විසින් ආර්ථික හා සමාජීය ආරක්ෂාව සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම අන්‍යෝන්‍ය ඇගයීමෙහි පවතින වැදගත්කම පිළිබඳ අවධාරණය කරනු ලැබුවා.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමත් සමග ඇතිවී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වළක්වා ගැනීම වෙනුවෙන් ඵලදායී ලෙස සූදානම් වීම සඳහා, ශ්‍රී ලංකාවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීමේ සූදානම ද සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පවතින නිශ්චිත අවදානම් හඳුනා ගනිමින් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා මෙරට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි පද්ධතියට ඇති හැකියාව පිළිබඳව ද අවධාරණය කෙරුණා.

අධීක්‍ෂණ කටයුතු පුළුල් කිරීම:

ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වල ප්‍රගතියට සහාය වීමට සහ කාර්යසාධනය සඳහා ඇති ඕනෑම බාධකයක් ජය ගැනීම සඳහා ඊට අදාළ පාර්ශවකරුවන් විසින් එම සැලසුම් සහ කාර්ය සාධනයන්ගේ ප්‍රගතිය සහ මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක නිරත විය යුතුය.

නියමිත කාලය තුළ නීති සම්පාදනය කිරීම:

මෙහෙයුම්වල නිවැරදි ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් තිබීම සහතික කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි තීරණාත්මක නීති සහ අනපනත් සම්මත කිරීමේ කටයුතු කඩිනම් කිරීම.

සම්පත්/ප්‍රතිපාදන වෙන් කිරීම:

මෙහෙයුම් ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම පහසු කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි රාමුව ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන සඳහා අවශ්‍ය සම්පත්/ප්‍රතිපාදන වෙන් කිරීම.

නියෝජිතායතන අතර සම්බන්ධීකරණය:

සක්‍රීය නායකත්වයකින් නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධීකරණය පවත්වාගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට අනුකූලව ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් ඉලක්කගත සැලසුම් සඳහා හොඳින් සහාය දක්වන යාන්ත්‍රණයක් ගොඩනැගීම.

නඩු පවරන්නා:

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පවරන්නන්ගේ ධාරිතාව සහ ක්‍රියාකාරී මැදිහත්වීම වැඩි දියුණු කිරීම.

නීති බලාත්මක කිරීම:

නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් පනවා ඇති නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, විශේෂයෙන් මුදල් විශුද්ධිකරණය පිළිබඳ පවතින නෛතික කෘත්‍යයන්ගේ පසුබෑම ඉවත් කිරීම සහ වත්කම් ප්‍රතිසාධනය සහ මුදල් විශුද්ධිකරණය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල විෂය පථයන් වැඩි කිරීම.

අධිකරණය:

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වන නඩු සඳහා කාලෝචිත හා ඵලදායී විනිශ්චයන් ලබාදීමෙන් නෛතික ක්‍රියාදාමයන්හි ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අධිකරණ පද්ධතිවල ධාරිතාව වැඩි දියුණු කිරීම.

පෞද්ගලික අංශයෙ දායකත්වය:

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි පද්ධතිවල ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ හවුල් ඉලක්කයන් ඇති කිරීම මගින් පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය ලබාගැනීම දිරිමත් කිරීම.

ජාත්‍යන්තර සහයෝගීතාවය:

කාර්යසාධනය ප්‍රදර්ශනය කිරීමේදී ඒ සඳහා අපගේ ප්‍රධාන භූමිකාව හඳුනා ගැනීම මගින් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා ඉලක්ක කිරීම. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි අත්දැකීම් බෙදා හදා ගන්නා ප්‍රධාන රටවල් සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කර ගැනීම.

මෙහි සඳහන් ප්‍රමුඛතාවයන් ඉතා දැඩිව අනුගමනය කිරීම මගින් ශ්‍රී ලංකාව 2025 වර්ෂයේ නියමිත සිය අන්‍යෝන්‍ය ඇගයීමේ ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට සහ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීම හේතුවෙන් ඇති වී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අවම කිරීමට අරමුණු කරගෙන සිටියි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි (AML/CFT) රාමුවෙහි පවතින අඩු පාඩු මඟහරවා ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවී සිටින බව ද මෙම සංචාරයේදී අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19