ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නවා – IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන් ඇතුළුව, මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා පවසනවා.

ට්විටර් පණිවුඩයක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇති අතර, එහි වැඩිදුරටත් දැක්වෙනේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන එහි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම මාර්තු 20 වෙනිදා සිදුකරන බවයි.

මේ අතර, රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්කර මුල්‍ය ආයතන වෙතින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සලසන මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඉහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14