spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් අද බර්මින්හැම් බොක්සිං වළල්ලට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර අද පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං වළල්ලට පිවිසෙනවා.

Men’s Over 48kg-51kg ෆ්ලයිවෙට් බර පංතිය යටතේ ඔහු අද (01) රාත්‍රියේ තරග කිරීමට නියමිතයි.

ඉෂාන් බණ්ඩාර 2018 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රෙලියාව සමත්ව තිබෙනවා.

ඒ, රන් 22ක්, රිදී 13ක් සහ ලෝකඩ 17ක් සමඟ සමස්ත පදක්කම් 52ක් දිනා ගනිමින්.

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 24 වන ස්ථානයේ පසුවන්නේ ලෝකඩ පදක්කමක් පමණක් හිමිකරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?