ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන දකුණු කොරියාවේ සිසුන් පුදුමයට පත්වෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අසා තමන් මවිත වූ අතර ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන ශිෂ්‍ය පරම්පරාව ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පවසනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (17) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී යි.

දකුණු කොරියාවේ අධ්‍යාපනය නොමිලේ ලැබෙන්නේ ඉතාමත් සීමිත සිසුන් පිරිසකට වුව ද ශ්‍රී ලංකාවේ පාසල්වල සිට විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා පිටවෙන තෙක්ම අති බහුතරයක් සිසුන්ට තවමත් නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට මෙන්ම පුදුමයටද පත්වන බවයි දකුණු කොරියානු සරසවි සිසුන් නියෝජ්‍ය කථානායකවරයාට ප්‍රකාශ කළේ.

නුවරඑළිය ශාන්තිපුර ග්‍රා‍මයේ පාසලක සිසු දරු දැරියන් වෙනුවෙන් ස්වේච්ජාවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකට සහභාගී වීම සඳහා මෙම දකුණු කොරියානු සරසවි සිසු සිසුවියන් මෙරටට පැමිණ සිටිනවා.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසූ තොරතුරුවලට ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලබා දෙනු ලැබුවා.

දකුණු කොරියාවේ යොන්හැමි, තේගු, චොම්මුංග් යන විශ්ව විද්‍යාලවල සිසුන් පිරිසක් මෙලෙස පැමිණ තිබෙනවා.

සංස්කෘතිමය වශයෙන් වැඩසටහන් පැවැත්වීම, සෞඛ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් යම් පුහුණු වීම් ලබාදීම, පාසල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම, ශරීර සුවතා වැඩසටහන් පැවැත්වීම, ක්‍රීඩා තරඟ පැවැත්වීම ඇතුළු වැඩසටහන් සිදු කරමින් සතියක පමණ කාලයක් මෙම සිසුන් පිරිස නුවරඑළියේ ශාන්තිපුර ප්‍රදේශයේ රැඳී සිටිනු ඇති.

ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ඉදිරියේදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සහාය ලබාදීමට දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සුදානම් බවයි එම සිසුන් මෙහිදී ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට විවිධ අංශවලින් නිරන්තරයෙන් දකුණු කොරියාවේ සහාය හිමිවන අත්ර දකුණු කොරියාවේ සරසවි සිසුන් ස්වේච්ජාවෙන් මෙවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වීම තුළින් දෙරටේ මිත්‍රත්වය තවත් ගොඩනැගෙන බවත් මෙම දකුණු කොරියා‍නු සිසු පිරිසට ශ්‍රී ලංකාව වෙනුවෙන් තමා විශේෂ ස්තූතියක් පිරිනමන බවත් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළා.

Korean Uni Student Deputy Speaker 16
Korean Uni Student Deputy Speaker 14
Korean Uni Student Deputy Speaker 13
Korean Uni Student Deputy Speaker 15
Korean Uni Student Deputy Speaker 12
Korean Uni Student Deputy Speaker 11
Korean Uni Student Deputy Speaker 7
Korean Uni Student Deputy Speaker 10 1 1
Korean Uni Student Deputy Speaker 8
Korean Uni Student Deputy Speaker 9 1
Korean Uni Student Deputy Speaker 6 1
Korean Uni Student Deputy Speaker 4 1
Korean Uni Student Deputy Speaker 3 1
Korean Uni Student Deputy Speaker 2a 1
Korean Uni Student Deputy Speaker 2 1
Korean Uni Student Deputy Speaker 1 1
Korean Uni Student Deputy Speaker 10 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
4
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23